චෙකොෆ් අපිට කියන අලුත්ම කතාව
ඇන්ටන් චෙකොෆ් ගැන කවුද නොදන්නෙ.. ඔව් ඒ ඔබට මතක් වෙන නාට්‍යකරුවා, නවකතාකරුවා, කෙටි කතාකරුවා, රුසියාවෙන් බිහි උනු අග්‍රගණ්‍ය ලේඛකයා. ඔහු තමාගේ තරුණ කාලෙදී අන්වර්ත නාමයකින් පුවත්පත් සදහා කෙටි කතා ලියනවා. "ඇන්ටෝෂා චෙකොන්ටෙ " කියන නමින් ඔහු රචනා කළ කෙටි කතා ගොන්නක් නිව් යෝර්ක් නගරයේ මහජන පුස්තකාලයෙ රුසියානු සඟරාවල තිබිලා මෑතකදි හමු උනේ පීටර් කන්ස්ටන්ටයින්ට. ඔහු ඒවා චෙකොෆ් ගෙ නමින් "ද අන්ඩිස්කවර්ඩ් චෙකොෆ්" කියලා මුද්‍රණය කළා...ඉතින් මේ සටහන චෙකොෆ් ලියපු එක් අපූරු කෙටි කතාවක් ගැන. "ෆ්‍රොම් ද ඩයරි ඔෆ් අ යන්ග් ගර්ල් නොහොත් තරුණියකගේ දින පොත " නැමැති කෙටි කතාව හරි අපූරුවට තරුණ කාන්තාවකගේ සිතුම් පැතුම් විස්තර කරනවා. එහි අඩංගු වෙන්නෙ තමාගේ නිවස අසලින් දිනපතා ගමන් කරන තරුණ හාදයෙක් ගැන තරුණියකට ඇතිවෙන සිතුවිලි. ඇය හැමදාම තමන්ගේ නිවසේ ජනෙල් කවුළුවෙන් පිටත බලාගෙන මේ තරුණයාව නිරීක්ෂණය කරනවා. ඇය ඒවා අව්‍යාජව නිර්භයව තමංගෙ දිනපොතේ ලියනවා. කතාවේ ආඛ්‍යානය ගොඩ නැගිලා තියෙන්නෙ අදාල දිනයේදි ඇය දිනපොතේ ලියපු දේවල් අනුව. ඒත් මේ කියන්න හදන්නෙ කෙටිකතාවෙ ව්‍යු...