Posts

Showing posts from May, 2018

'සූකර අසපුව' : යුද්ධයේ ක්ෂතිමය අත්දැකීමක්

Image
අතොල් ෆුගාර්ඩ් විසින් ලියන ලද the place with the pigs නාට්‍යයේ  සිංහල පරිවර්තනය ( ඩබ් . එස්. විජේසිංහ විසිනි) වූ සූකර අසපුව ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි ගේ අධ්‍යක්ෂණයකි. ලෝකයේ කුමන හෝ රටක සිදුවිය හැකි සිද්ධි දාමයක් වුවද පශ්චාත් යුධ සමයේ ලාංකීය දේශපාලනික ආර්ථික හා සමාජීය වටපිටාව සියුම් ලෙස විවරණය කර ගත හැකි තේමාවක් එහි වෙයි. මෙය ශ්‍රී ලාංකික ජාතියේ කවරකු හෝ නොවිඳි අත්දැකීමක් නොවන බව, යුද්ධය විසින් මානසිකව ඇද දමන ලද පැවැත්ම ( පාවෙල්) මඟින් තව තවත් ප්‍රත්‍යක්ෂ වන කරුණකි පාවෙල් රුසියානු හමුදාවෙන් පැන ගොස් සෑහෙන තරම් කාලයක් ඌරු කොටුවක සැඟවී සිටින හමුදා සෙබෙළෙකි. ඔහු හා ඔහුගේ බිරිඳ රස්කායා දිවිගෙවයි. මෙලෙස ගෙවෙන රහස්‍ය ජීවිතයේ කටුක නීරස බවද ගමට එන යුධ බලඇණියට භාරවීමෙන් මේ දිවියෙනුත් හෘද සාක්ෂිය හා පවතින ගැටුමෙනුත් නිදහස් වීමක් ඔහු බලාපොරොත්තු වෙයි. තමා වීරයකු ලෙස ජනතාව පිළිගැනීමට කතාවක් ගෙතුවද අවසානයේ ඔහු හමුදා බැරැක්කට භාර නොවෙයි. ඒ වෙනුවට ඔහුගේ බිරිඳ රස්කායා හමුදා බැරැක්කය වෙත යන්නේ පාවෙල් මළ රස්කායා වැන්දඹුව ලෙසිනි. අවසානයේ ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ ඌරු කොටුවෙහිමය. නාට්‍යයේ ඌර...