Posts

Showing posts from November, 2017

ධර්මාලෝකය කළුවරෙන් කළුවර වීම ඇරඹි වගයි.

Image
2017/ 10/ 24  දින කැළණිය විශ්වවිද්‍යාලයේදීය. අද කැළණියේ ධම්මාලෝක ශාලාව කළුවර වුණා. කැළණි සරසවි නාට්‍ය උළෙල අද ඇරඹුණා. වේදිකාගත කෙරුණෙ හර්ෂිකා රත්නායකගෙ ' කළුවර'  වේදිකා නාට්‍ය. සංගීතමය නාට්‍යක්. කළුවර කියන එක  කළු වර කියල විසංධි කරල වර නගා ගත්තත් අසාධාරණයක් නෑ කියල හිතෙනව. කළූ , කළු කුමාරයට ආමත්‍රණය කරන්නක් වුණත් කළු කියන කාන්තාවට අමතන ආකරයටත් ගන්න පුළුවන්." කළූ ,කළු එතනා, හිනාවෙයන් කළු හිනාවෙයන්". ගම් වල වුණත් කළූ කියල කියන්න සුදු කෙල්ලකට මිසක් කළු කෙල්ලන්ට නෙමෙයි. කළු කෙල්ලො ගමේදි සිරියලතාලා කුසුමලතාල වෙනව. ඒක නිසා ඒ විදියට කළූ වර කියල කළුවර මම වර නගා ගත්ත.  'කළුවර'හි කතා වස්තුව පරණ එක්ක වුණාට නාට්‍ය සංගීතය එන්නෙ අලුත් ව(ර්)ෂන් වලින්. ඒක ඇතුළෙ අපූරුවට දෙකට තුනට හතරට පහට නැමෙන සිරුරු ටිකක්. .    මේ කතාව කියන්න උවමනාවක් නෙමෙයි ඇත්තටම නාට්‍යකාරිනියට තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලියි. එහෙම වුවමනාවක් තියෙනවනම් මේක දෙබස් මත ගොඩනැඟුනු නාට්‍යයක් වෙන්න ඉඩ තිබුණ. ඒත් ඇත්තටම ඒක එහෙම නොවීමෙන්ම පේනව නිර්මාණයකට අවශ්‍ය කතාවක හපේ විතරයි ඉතුරු ටික තමන්ගේ ප්‍රකාශනයට අව...

තෙරණී

( ඉතා දුර අරණකදී තෙරුණි තෙරණී වූවාය) අල්ලා දෙකොනින් ගස්සා දෙපසට ලෝභ දොස් කුණු රොඩු හඳින්නී වත පැන් පහසු වනු පිණිස අතරමඟ මඟ දෙපස වනස්පති යැයි නම් ලද තුරු සිරස ඉඳහිටක මඟ හරින්නී ය මඟ මද කිපුණ මඳ සුළඟ සොයන විට තුනු සපුව රන් රෝස පා පතුල් තාම තුත්තිරි සමඟ මනමාල කම් කුමට කිති කිතිය වුව දැනෙන භාවනාවකි ඇයට පොත් අතර පත් තබා බෝ පතක අග කපා ආදරේ යැයි කීව අතීතය ගිහිගෙයට දිරා ගිය බෝ පතක සිහිල කුමටද හිතට මලවි හිරු හී රැසට මුවා වී බැස දියට දොවන්නී දොවන්නී වත මඬල පුරුදු මින් රැස ඇවිත් පුරුදු උණුහුම සොයයි පුරුදු තැන් වල සරයි නුහුරු ගතියක් දැනෙයි මෑත් වූ තුරු සිරස එතෙන්නී මලවි හිරු මඟට ඉඩ මකන්නී මද කිපුණ මඳ සුළඟ දරන්නී මඟ කියන දම් දියට බසින්නී ©මලිඳු කාවින්ද කුමාරසිංහ
Real ආදරේ VS FILM ආදරේ ප්‍රථම ආදරය පසෙකලා ගිය රෝස ජැකට ආලය කලත් රෝස ලොව හිඳිනා ආදරයේ සංකේතය වූ බවත් ප්‍රථම ආදරය පසෙකලා ගිය අපේ ගැහැණිය ලෝක බඩුවක් වූ රටක් උන්ගේ ආදරේ වෙනුවන් පැනලා යන්න හිතින් ආශීර්වාද කරපු උඹත් එහා ගෙදර කෙල්ල ඒකීගේ ආදරෙන් වෙනුවෙන් පැනල යනකොට අනේ සංසාරේ කියපු මේක මාරු රටක්   මීට [ Mr මම]

ශිඛර තරණය

Image
උස් වූ ශිඛර තරණය මග හැර යනු කෙලෙස එයම විසදුම වූ කළ කඳු අතර සැඟව ගත් ක්ෂුද්‍ර වූ කටු කිණිති යන මග ගැවසගත් රිදුම් දෙන මූසලත් සියුම් වූ ගෙරවිලි හාත්පස වෙලාගත් ඉතින් සබඳ උඹ කෙසේ කීවත් පෙරමුණ තැබූ පා යුග පසු තබන තෙක් නෙත් යොමා සිටියත් අකුණු හෙණ  ගර්ජන හිස මතට වැටුණත් ශිඛර තරණය විනෝදය කරගමි සුනඛ කෙඳිරිලි අසා ගිරි හිස් පහත් නොවන බව උඹට කියමි

සිකුරාදා හැන්දෑව

Image
විඩාබර ලෝකයම  එකම හුස්මට  නිවෙන   බාර්වල පාටිවල  පීඩනය දිය කරන  මහන්සිය වැඩිකමට  අවන්හල් වෙත යනෙන  ෆේවරිට් මූවීස්  ටොරන්ට් බාගත කරන  ඒ වෙනත් අය  ඇසිපියන් පියන විට  උඹව මතකෙට ගෙනෙන  ගිය නොගිය ආ පැමිණි  මාවත්හි ඔහේ සරන  පරණ මෙමරියම යළි  හිත පුරා ශෙයා වෙන  දින දෙකකි එලබෙන  මට  සිකුරාදා හැන්දෑව 

සමාජයකට අසම්මත වෙච්ච රෝමීයෝලා දෙන්නෙක්ගේ අමුතු ආදරයක් [මං කරපු පුංච් වැඩක්]

https://www.youtube.com/watch?v=UzyJwRzl7pg
    ජිවිතයෙන්    අංශුමාත්‍රයක්  රූපයට  නගමු                        මම කැමතියි  කවියෙක් වෙන්න . ඔබට එලෙස සිතන්නට  පුළුවන.   සොයාගත් කොළයක් ද පෑනක්  හෝ  පැන්සලක් ද ගෙන කවි ලියන්නට ඔබට පුළුවන . කිසිවක් නොලියා ඇති හිස් කොළ  කැබැල්ලෙහි කුරුටුගාමීන් කවි තනන්නට ඔබ යත්න දරනු ඇත. පැයක් දෙකක් ගත වුව ද ඔබ වෙතින් කවියක් නොලියවෙන්නට පුළුවන. විවිධ ආකාරයේ  රිද්මයන් පෙනෙන පරිදි ලියෙවුණු යමක් එහි තිබෙන්නට පුළුවන. ඒවා කවි නොවේ. එසේනම් කවි ලියන්නේ කෙසේද ?  කෙතරම් වෙහෙස දැරුව ද පද දෙකක් හෝ නිසි පරිදි ගළප ගැනීමට නොහැකි වන්නේ  මන්දැයි ඔබ සිත නොයෙක් කල්පනාවන් වෙත යොමුවන්නට පුළුවන.   ඔබ උත්සාහය අතහැර දැමූ අවස්ථා බොහෝ විය හැකිය. කවි ලිවීමේ පරම අදිටනින් වෙහෙසුන ද කවියක්  නිමවීමට වෙහෙස පමණක් ප්‍රමාණවත් නොවෙනු ඇත. කවි ලියැවෙන්නේ කුමන අවස්ථාවක දැයි නිශ්චිතවම කිවහැකි නොවුව ද ලිවීමට මනස හා හදවත සුදානම් වූ කල්හි ඒ සොදුරු මොහොත උදාවනු ඇත. එය නිර්මාණ ආවේශය ලෙ...
                                                                                              දෙකොන විලක්කුව ඝණ්ටා නාදය ඈතින් පිහිටි කඳු පන්තියේ හැපී නැවතත් පන්සලට ඇසෙන දෝංකාරය අසන්නට හිච්චි එවුන් ලොකු හාමුදුරුවන්ට හොරෙන් ඝණ්ටාරය නද කළහ . පොසොන් සඳ එලිය  ගංදියට වැටී,සුළගට ලෙලෙන දිය වැල් සමඟ මුසුවී නඟන චමත්කාරය විදින්නට ලොකු පෙජැරෝ වලින් ආ ලොකු මහත්තුරු නෝනලා හා පොඩි උන් වලාකුළු පවුව පිටිපසින් පිහිටි ගං ඉවුරට එක පෙලට රැස් වී සිටියහ.  අබසිරි මේ හුරුපුරුදු සුවය විඳිමින් පන්සලට එන ගුරු පාර අයිනේ හිඳිමින්  ලෑලි තට්ටුව කිහිල්ලේ ගසා ගත්තේ අවුකන බුදුරුව දෙසට දොහොත් මුදුන් දෙමිනි,  මල් විකුණා ලැබුණු සොච්චම සරමට ගුලි කරගෙන පරිස්සමෙන් හබල අතට ගත...
Technology ආදරේ ඩේටාකාර්ඩ් එකක් මත පෙම්බැඳි මනමේ කුමාරි උඹ ආදරේ දිග පළල මැන්නේ  sent කරපු  emoji වල කිස් ගානට  නොසිතු ලෙස data  package එක  ඉවර වූ මොහොතේම මිහිරි ආදර අන්දරය  හැරුණි තුන්වැනි ලෝක යුද්ධේකට  mr මම.
                                      මගහැරුණු  පාඩම                                    අබසිරිට    මගහැරුණ                                   සුද්දි   හොරැහින්  බැලුව                                      මහ   ගෙදර   කළුවරට                                    ගුළිවෙලා     ඉකිගැසුව                                      විසිඅටේ  පාඩම  ....   ...

අශ්වයා දිවුවා බිමත් උඩත් දිවුව දැන් ඒ දිවිල්ල ලෝකෙ වටේ ම දුවන්නේ අශ්ව තරගයකට නිවේ.ඊටත් වඩා වේගෙන් දුවන කාලය අවකාශය එකතුකරගෙනය. එ නිසා වේගය තවත් වේගවත්