දෙකොන
විලක්කුව
ඝණ්ටා නාදය
ඈතින් පිහිටි කඳු පන්තියේ හැපී නැවතත් පන්සලට ඇසෙන දෝංකාරය අසන්නට හිච්චි එවුන්
ලොකු හාමුදුරුවන්ට හොරෙන් ඝණ්ටාරය නද කළහ . පොසොන් සඳ එලිය ගංදියට වැටී,සුළගට ලෙලෙන දිය වැල් සමඟ මුසුවී
නඟන චමත්කාරය විදින්නට ලොකු පෙජැරෝ වලින් ආ ලොකු මහත්තුරු නෝනලා හා පොඩි උන්
වලාකුළු පවුව පිටිපසින් පිහිටි ගං ඉවුරට එක පෙලට රැස් වී සිටියහ. අබසිරි මේ හුරුපුරුදු සුවය විඳිමින් පන්සලට එන
ගුරු පාර අයිනේ හිඳිමින් ලෑලි තට්ටුව
කිහිල්ලේ ගසා ගත්තේ අවුකන බුදුරුව දෙසට දොහොත් මුදුන් දෙමිනි,
මල් විකුණා ලැබුණු සොච්චම සරමට ගුලි කරගෙන
පරිස්සමෙන් හබල අතට ගත් අබසිරි වෙසතුරු දා කවෙහි කවියක් මුමුණන්නට පටන් ගත්තේය.
“රසතුරු පල වැල අරගෙන එන්දැයි අපේ අම්මා
විසිතුරු සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
පෙනකැටි වල සෙවනැලි වල කෙල කෙල උන් නෙම්මා
වෙසතුරු පිය රජුනි ඔබට බාරයි අපෙ අම්මා”
කඳු පන්තියට මායිම්ව
පිහිටි කැලෑව අද්දර හෙල්මළු කෙතට
උඩහින් තැනින් තැන ගුරුපාට වූ ටකරන් වහල
නිසා අබසිරිගේ නිවහන දහවලට මාබල් අල්ලා ටෙරාසෝ
දමා කැපු ගෙබිමක සිරි ගනී .
“ ඔහොම නෙමෙයි බොල තව
මැන්ඩියට නැවියන්. කොරවක්කෙක් වගේනේ බං ඔහොම අඩි තියද්දි”
මෙවැනි වාග් කණ්ඩ
අබසිරිගේ නිවසේ පෝදාට සහ අබසිරි මඩුවක් නටන්න ගියදාකට ඇරෙන්නට අනෙක් සියලු දවස්
වලට උදේටත් දවල්ටත් සුපුරුදුය . ඒ අබසිරි තම ජිවිත කාලයෙන් වැඩි හරියක් වැය කරන
,තම එකම කොලුවාට තමාගේ අප්පොච්චාගෙන් ලැබුණු පහතරට නැටුම හුරු කරවන්නට
ගන්නා වෑයාම නිසාය .
“කොල්ලට ඔහේට වගේ ඕක
පිහිටන්නේ නැතනන් මක් කොරන්නද , දෑතේ දෙපයේ වැඩක් හුරුවෙන්න ටවුමට යැවුවනං අහවරයි
නේ ” මේ ඒක නෙමෙයි, ගෙදර අහලක හාල් ඇටයක් නෑ, උඩහට බඩගාලා සිනි අහුරක් ඉල්ලං අවා
දැනුත් . ගෙනාවම දෙන්නංය කියලා”
තැනින් තැන මල කෑ බෙලෙක් කෝප්පය අබසිරිට දික්
කලේ සුද්දිය.
“පොලී මුදලාලි අදත්
මතක් කරා ගේ උගස. අන්තිමට මට ඉතුරු මේ නැටුමයි, මේ කොස් ගස් තුනයි විතරයි”
වැල් ඇද යටින් හෙප්පුව
ගත් අබසිරි දිග සුසුමක් හෙලා විටක් කටේ
ඔබා ගත්තේය.
“ලබන සුමානේ මැම්බර්
මහත්තයආ මඩුවක් නටන්නෙයි කිවුව උන්දගේ
ගෙදර, ලොකු මහත්තුරුත් එදාට එනවයි
කිවුව. බලමුකෝ එයින් පස්සෙවත්
මක්කහරි කොරගන්ට “
ගොක්කොල වලින් හැඩ කපා
මල් බුලත් තටු එක සීරුවට සකසා දේව මණ්ඩපය කෙසෙල් කදන් වලින් නිමකර සරසා දහ අට සන්නිය යක් බෙර හඩ මැද්දේ . ජයටම නැගුනේ
. අවට පරිසරයම බියෙන් මුසපත් කරමින් දෝංකාර හඩ නංවමිනි.
සලුපාලියට සැරැසී දෙකොන විලක්කුව කටේ හිර කරගත්
අබසිරි බෙර කාරයාට පමණක් තේරුණු අන්අයට නොතේරුණු පැටලුනු අඩි සහිතව නර්ථනයේ යෙදුනේ
තම ජිවන විලක්කුව නිවා ගැනීමටය.
පාන්දර මැම්බර් මහතා
අබසිරිට කතා කළේය .
“වැඩේ, ජයටම ගියා බං
අපේ ලොක්කටත් මාර හැපි. ඉදා මේක තියාගනින් . අපි ඉතින් ගමේ මිනිස්සුනේ බං “
අබසිරිට එකදු
වචනයක්වත් පැවසීමට ඉඩ නොදී අබසිරිගේ බඩට තට්ටුවක් දමා මැම්බර් මහතා එතැනින් පිටව ගියේය.
අබසිරි ගේ අනෙකුත්
සගයන්යට එම මුදල සමසේ බෙදා දුන් පසු අබසිරිගේ කොටස අබසිරිට නිවසට දවස් දෙකකට
සෑහෙන්න බඩු ගෙන ඒමට ප්‍රමාණවත් විය .
සතියකට පමණ පසු අබසිරි ටවුමට ගොස් පැමිනියේ
නිවසට සෑහෙන තරම් බඩු කන්දක් රැගෙනය . ඒ අතර සුද්දිට සුදු පාටින් ලේස් දමා හැඩ කල
ඔසරියක් විය,
“මේවා ගේන්න ඔහෙට
සල්ලි කොයින්ද” , සුද්දි, විස්මයෙන්
යුතුව පුන පුනා ඇසුවේය.
කිසිවාක් කනකට මායිම්
නොකළ ඔහු, පිල උඩ වාඩි වී ගිරයෙන් පුවක්
ගෙඩියක් කපන්නට විය,
”මං ආයේ නටන්නේ නෑ .
මං ඔක්කොම ආයිත්තම් ටික ටවුමේ කලායාතනේට වික්ක”
සුද්දිට හැකි වුයේ දෙඇස් පුම්බා ඔහු දෙස බලා
සිටීම පමණි.
මුළු පරිසයම පත් තිත්ත
කළුවර වුයේ වෙනදාටත් වඩා මුසල බවක් ගමටම එක්කරමිනි. කරණිය මෙත්ත සුත්‍රය , පන්සලේ
යකඩ කටින් වෙනදා මෙන් ගම පුරා රැව් දෙයි, මා වවුලාද
නින්දට යනතුරු බලාසිටි
අබසිරි, වැල් ඇදෙන් නැගිට සිරුවට නිවසේ ඉදිරිපස දොර ඇර කාමරයට් එබී
සුද්දිත් කොලුවාත් දෙස බලා, සිනාසී. යක් බෙරයත් රැගෙන ඔරුවට ගොඩ වී බෙර පදයක් වයා.
පන්සල දෙසට හබල් ගාන්නට විය.
කොස්කොලයේ නැට්ට
පෙනෙන යාමයේ ,කුකුලන් හඩලන හඩ
අතරින් මුනින් අතට වූ බෙර කද සමගින්
වලාකුළු බැම්ම අසලට පාවී ආ ඔරුව දෙස අවුකන බුදුන් වහසේ, පහන් සිතින් නෙත් යොමා
සිටියහ .
නිමි
....
ඕලු ..
Comments
Post a Comment