දෙකොන විලක්කුව ඝණ්ටා නාදය ඈතින් පිහිටි කඳු පන්තියේ හැපී නැවතත් පන්සලට ඇසෙන දෝංකාරය අසන්නට හිච්චි එවුන් ලොකු හාමුදුරුවන්ට හොරෙන් ඝණ්ටාරය නද කළහ . පොසොන් සඳ එලිය ගංදියට වැටී,සුළගට ලෙලෙන දිය වැල් සමඟ මුසුවී නඟන චමත්කාරය විදින්නට ලොකු පෙජැරෝ වලින් ආ ලොකු මහත්තුරු නෝනලා හා පොඩි උන් වලාකුළු පවුව පිටිපසින් පිහිටි ගං ඉවුරට එක පෙලට රැස් වී සිටියහ. අබසිරි මේ හුරුපුරුදු සුවය විඳිමින් පන්සලට එන ගුරු පාර අයිනේ හිඳිමින් ලෑලි තට්ටුව කිහිල්ලේ ගසා ගත්තේ අවුකන බුදුරුව දෙසට දොහොත් මුදුන් දෙමිනි, මල් විකුණා ලැබුණු සොච්චම සරමට ගුලි කරගෙන පරිස්සමෙන් හබල අතට ගත...
Popular posts from this blog
'සූකර අසපුව' : යුද්ධයේ ක්ෂතිමය අත්දැකීමක්
අතොල් ෆුගාර්ඩ් විසින් ලියන ලද the place with the pigs නාට්‍යයේ සිංහල පරිවර්තනය ( ඩබ් . එස්. විජේසිංහ විසිනි) වූ සූකර අසපුව ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි ගේ අධ්‍යක්ෂණයකි. ලෝකයේ කුමන හෝ රටක සිදුවිය හැකි සිද්ධි දාමයක් වුවද පශ්චාත් යුධ සමයේ ලාංකීය දේශපාලනික ආර්ථික හා සමාජීය වටපිටාව සියුම් ලෙස විවරණය කර ගත හැකි තේමාවක් එහි වෙයි. මෙය ශ්‍රී ලාංකික ජාතියේ කවරකු හෝ නොවිඳි අත්දැකීමක් නොවන බව, යුද්ධය විසින් මානසිකව ඇද දමන ලද පැවැත්ම ( පාවෙල්) මඟින් තව තවත් ප්රත්යක්ෂ වන කරුණකි පාවෙල් රුසියානු හමුදාවෙන් පැන ගොස් සෑහෙන තරම් කාලයක් ඌරු කොටුවක සැඟවී සිටින හමුදා සෙබෙළෙකි. ඔහු හා ඔහුගේ බිරිඳ රස්කායා දිවිගෙවයි. මෙලෙස ගෙවෙන රහස්‍ය ජීවිතයේ කටුක නීරස බවද ගමට එන යුධ බලඇණියට භාරවීමෙන් මේ දිවියෙනුත් හෘද සාක්ෂිය හා පවතින ගැටුමෙනුත් නිදහස් වීමක් ඔහු බලාපොරොත්තු වෙයි. තමා වීරයකු ලෙස ජනතාව පිළිගැනීමට කතාවක් ගෙතුවද අවසානයේ ඔහු හමුදා බැරැක්කට භාර නොවෙයි. ඒ වෙනුවට ඔහුගේ බිරිඳ රස්කායා හමුදා බැරැක්කය වෙත යන්නේ පාවෙල් මළ රස්කායා වැන්දඹුව ලෙසිනි. අවසානයේ ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ ඌරු කොටුවෙහිමය. නාට්‍යයේ ඌර...
ඉතා වටිනා අදහසක් සර් . කවිය නම් නිරුත්සාහිකව පැන නගින සිතුවිලි සමුදායයි කියන නිර්වචනය මතක් උනා . ස්තුතියි ඔබේ ලිපියට.
ReplyDelete