සිකුරාදා හැන්දෑව
විඩාබර ලෝකයම
එකම හුස්මට නිවෙන
බාර්වල පාටිවල
පීඩනය දිය කරන
මහන්සිය වැඩිකමට
අවන්හල් වෙත යනෙන
ෆේවරිට් මූවීස්
ටොරන්ට් බාගත කරන
ඒ වෙනත් අය
ඇසිපියන් පියන විට
උඹව මතකෙට ගෙනෙන
ගිය නොගිය ආ පැමිණි
මාවත්හි ඔහේ සරන
පරණ මෙමරියම යළි
දින දෙකකි එලබෙන
මට
සිකුරාදා හැන්දෑව

Ela
ReplyDeleteThanks sachhh..
DeleteYou are encouraging me
ReplyDelete