සිකුරාදා හැන්දෑව


විඩාබර ලෝකයම 
එකම හුස්මට  නිවෙන  
බාර්වල පාටිවල 
පීඩනය දිය කරන 
මහන්සිය වැඩිකමට 
අවන්හල් වෙත යනෙන 
ෆේවරිට් මූවීස් 
ටොරන්ට් බාගත කරන 

ඒ වෙනත් අය 

ඇසිපියන් පියන විට 
උඹව මතකෙට ගෙනෙන 
ගිය නොගිය ආ පැමිණි 
මාවත්හි ඔහේ සරන 
පරණ මෙමරියම යළි 

හිත පුරා ශෙයා වෙන 
දින දෙකකි එලබෙන 

මට 

සිකුරාදා හැන්දෑව 





Comments

Post a Comment

Popular posts from this blog

'සූකර අසපුව' : යුද්ධයේ ක්ෂතිමය අත්දැකීමක්