ධර්මාලෝකය කළුවරෙන් කළුවර වීම ඇරඹි වගයි.
2017/ 10/ 24 දින කැළණිය විශ්වවිද්‍යාලයේදීය.
අද කැළණියේ ධම්මාලෝක ශාලාව කළුවර වුණා. කැළණි සරසවි නාට්‍ය උළෙල අද ඇරඹුණා. වේදිකාගත කෙරුණෙ හර්ෂිකා රත්නායකගෙ ' කළුවර' වේදිකා නාට්‍ය. සංගීතමය නාට්‍යක්. කළුවර කියන එක කළු වර කියල විසංධි කරල වර නගා ගත්තත් අසාධාරණයක් නෑ කියල හිතෙනව. කළූ , කළු කුමාරයට ආමත්‍රණය කරන්නක් වුණත් කළු කියන කාන්තාවට අමතන ආකරයටත් ගන්න පුළුවන්." කළූ ,කළු එතනා, හිනාවෙයන් කළු හිනාවෙයන්". ගම් වල වුණත් කළූ කියල කියන්න සුදු කෙල්ලකට මිසක් කළු කෙල්ලන්ට නෙමෙයි. කළු කෙල්ලො ගමේදි සිරියලතාලා කුසුමලතාල වෙනව. ඒක නිසා ඒ විදියට කළූ වර කියල කළුවර මම වර නගා ගත්ත.
'කළුවර'හි කතා වස්තුව පරණ එක්ක වුණාට නාට්‍ය සංගීතය එන්නෙ අලුත් ව(ර්)ෂන් වලින්. ඒක ඇතුළෙ අපූරුවට දෙකට තුනට හතරට පහට නැමෙන සිරුරු ටිකක්. . මේ කතාව කියන්න උවමනාවක් නෙමෙයි ඇත්තටම නාට්‍යකාරිනියට තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලියි. එහෙම වුවමනාවක් තියෙනවනම් මේක දෙබස් මත ගොඩනැඟුනු නාට්‍යයක් වෙන්න ඉඩ තිබුණ. ඒත් ඇත්තටම ඒක එහෙම නොවීමෙන්ම පේනව නිර්මාණයකට අවශ්‍ය කතාවක හපේ විතරයි ඉතුරු ටික තමන්ගේ ප්‍රකාශනයට අවශ්‍ය විදියට දාපු ඔපේ. ඉතුරු ටික නෙමෙයි ඉතුරු ගොඩම එහෙමයි. නිර්මාණය ට අවශ්‍ය ප්‍රකාශනය කිරීමට ඕනෙකරන සේරම අමුද්‍රව්‍ය ටික මේ ජනශ්‍රැති යෙ එන කතාවෙ තියෙනව. ඒක නිසා අමුතුවෙන් කතාවක් ගොඩනගගැනීමට නිර්මාණකාරියට අවශ්‍ය වෙන්නෙ නෑ.
.
ජනශ්‍රැති යේ එන කළු කුමාර සංකල්පය ගොඩනැඟීම පිළිබඳව ජනශ්‍රැති යේම එන කතාවකින් ගොඩනැඟුණු නාට්‍යයක්. නීල මහා යෝධය මහ මුහුද්දෙදි අතරමං වෙලා ගොඩබහින්නෙ ස්ත්‍රී පුරයට. ස්ත්‍රී පුරයෙ ඉන්නෙ මාස ගාණක් යුද්ධෙට ගියපු ස්වාමිපුරුෂයො ඉන්න කාන්තාවො. ස්ත්‍රී පුරයෙ පිරිමි පුළුටක් නෑ. අවසානයෙදි මේ යෝධය මරණයට පත් වෙන්නෙ මේ ස්ත්‍රීන් ඔහුගෙන් ලිංගික සංතෘප්තිය ලබා ගත්තට පස්සෙ. කතාවෙ කියවෙන විදියට මෙහෙම මැරෙන යෝධය තමයි මරණයෙන් පස්සෙ කළුකුමාරාරූඪ වෙන්නෙ. මං මෙතනදි ලිංගික අපහරණය කියන වචනෙ යොදාගන්නත් කැමැත්තක් නෑ. ඒකෙන් නිර්මාණයෙ කතා කරන මුක්‍ය තේමාවට හානියක් වෙයි කියල. අනික ඒක අපහරණයක්මද? මේක නෙගටිව් කරල බැලුවම තමයි පපුව පත්තු වෙන්නෙ. පිරිමි ගොඩක් මැද්දට ගෑනියෙක් ගියොත්. මෙතන තමයි නිර්මාණය ගෑවි නොගෑවි යන තැන. පිරිමියෙක් අපහරණය වෙන්නෙ ස්ත්‍රී පුරයක වුණත් ස්ත්‍රියකට අපහරණය වෙන්න පුරුෂ පුරයක් ඕනෙ නෑ. මේ මොහොතෙ මහපාරක වුණත් ඒකට ඉඩක් තියෙනව. ඒක විතරක්ම නෙමෙයි මේ කළුකුමාර සංකල්පය තුළ පවා ස්ත්‍රියව අපහරණය ස්ත්‍රීය තුළින්ම විය හැකිබව පෙන්නනව. එතකොට අපි මේ ඉන්නෙ පිරිමි ලෝකෙක පුරුෂ මූලික ලෝකෙක. ගෑණු වුණත් මේ පෘථිවියෙදි පිරිමි. ඒක වෙනස් වෙන්නෙ භෞතිකව විතරයි. මනෝ මූලික කාරණාවලදි ගෑනු පිරිමිත් පිරිමි ගෑනුත් වෙනව.
නාට්‍ය වේදිකාගතවෙන මොහොතෙදි කිසිම ප්‍ර්‍රේක්ෂක ඇහැක් පිටට නොපනින්නෙ සූක්ෂම සිද්ධි පවා මේ රංග කාර්‍ය්‍ය තුළින් ඉස්මතුවී පෙනෙන හින්ද . රංග වින්‍යාසය ඇතුළෙ ස්ත්‍රීන්ගෙ විවිධ ලිංගික ඉරියව්, එකිනෙකා පවා සිප ගැනීම් මේ සියල්ලන්ගෙම උච්චතම අවස්ථාවක තමයි පිරිමියාගෙ ආගමනය.
නාට්‍යක් කියන්නෙ භාවනවක්. අපි අනාපානසතිය වැඩුව. දැන් අපේ ප්‍රේක්ෂකගාරෙ විදර්ශනා වඩන්න ඕනෙ. කළුවරේ අපි ලොකු භාවනාවක් කළා ප්‍රේක්ෂකයව විදර්ශනාවට සූදානම් කළා. ඉතින් කියන්නෙ තියෙන්නෙ ස්තුතියි පින්.
- මලිඳු කාවින්ද කුමාරසිංහ -

Comments
Post a Comment